I ගයාන් ගාල්ලගේ
කථානායක කරු ජයසුරිය මහතා විටින් විට ප්‍රකාශ කරනු ලබන දෙබඩි ප්‍රකාශ ආණ්ඩු පක්ෂය වශයෙන් තම කණ්ඩායම නොපිළිගන්නා බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා දේශයට පැවසීය.
පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය විසින් පසුගියදා අග්‍රාමාත්‍ය කාර්යාලය, සභානායක කාර්යාලය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය ආදී සියලුම නිල කාමර ලබාදී තිබියදීත් කථානායකවරයා පෙර පැවති තත්ත්වය පිළිගැනීම පිටුපස යම්කිසි අදිසි කණ්ඩායමක් ක්‍රියාත්මක වන බවට සැකයක් පවතින බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ නිසා කථානායකවරයා කෙතරම් ලියුම්, නිවේදන නිකුත් කළත් ඒවා පලක් නොමැති, ආණ්ඩු පක්ෂය නොපිලිගන්නා නිවේදන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කීය. කථානායකවරයාගේ හැසිරීම පුදුම සහගත බවද හෙතෙම සඳහන් කළේය.