2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

ටී. එන්. ඒ. හා ජවිපෙත් මහින්දගේ රජයට විරුද්ධයි - එජාපය කියයි

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 37

ගයාන් ගාල්ලගේ l

අලුතෙන් පත් කළ අග්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩුව එරෙහිව කටයුතු කිරීමට දෙමළ ජාතික සන්ධානයත්, ජනතා විමුක්ති පෙරමුණත් කැමැත්ත පළ කළ බව හිටපු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට පැවසීය.

මේ සම්බන්ධයෙන් එකඟතාවය පසුගිය සිකුරාදා උදෑසන කථානායකවරයා සහ මන්ත්‍රීවරු අතර පැවති සාකච්ඡාවදී එළැඹි බව හෙතෙම සඳහන් කළේය.

නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කිරීම සඳහා විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට පැමිණියහොත් එම පක්ෂ දෙක ඊට සහය ලබාදෙන්නේ දැයි මෙහිදී අප කළ විමසුමකදී මන්ත්‍රිවරයා පවසා සිටියේ ඕනෑම අවස්ථාවකට සහය දැක්වීමට එකඟ වූ බවයි.

 

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00