2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

කෝච්චි දුවන්නේ මීටර් නැතුව?

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 196

I චමිඳු නිසල්

දුම්රියවල ගමන් වේගය මනින වේග මාපක (ස්පීඩෝ මීටර්) නොමැතිව මෙරට බොහෝ දුම්රිය ධාවන වන බව දුම්රිය රියදුරු සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩ මහතා පවසයි. 

මේ නිසා දුම්රිය ගමන් කරන්නේ කොපමණ වේගයකින් දැයි කියා රියැදුරන් පවා නොදන්නා බවද හෙතෙම “දේශය” කළ විමසුමකදී කීය. නිතර නිතර දුම්රියේ අලි ඇතුන් ගැටීමටද මෙම තත්ත්වය බලපා ඇතැයිද දොඩංගොඩ මහතා සඳහන් කළේය.

සභාපතිවරයාට අනුව පැරණි දුම්රිය එන්ජින් බොහෝමයක වේග මාපක නොමැත. අබලන් වන වේග මාපක අලුත්වැඩියාවක් ද සිදු නොවේ. මීට අමතරව බොහෝ දුම්රියවල වයිපර් අක්‍රියවීම හේතුවෙන්ද රියදුරන් හට මාර්ගයේ ඉදිරිය පැහැදිලි නොවීමේ ගැටලු මතුව තිබේ. තවද ඒ ඒ ස්ථානවල දී දුම්රිය ධාවනය විය යුතු වේග සීමාවන් ද රියදුරන් හට මේ දක්වා ලැබී නොමැත.