2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

විශ්‍රාම ගන්න! පොලිස්පතිට යෝජනාවක්

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 54

I ආරක්ෂක වාර්තාකරු

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධයෙන් කිසියම් විනය පියවරක් ගැනීමට පෙර ස්වකැමැත්තෙන් විශ්‍රාම ගන්නා ලෙස රජය පොලිස්පතිවරයාට යෝජනා කර ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

මෙම යෝජනාව රජයේ ජ්‍යෙෂ්ඨ නිලධරයකු විසින් පොලිස්පතිවරයාට මේ වනවිටත් දැනුම් දී ඇතැයි අදාළ ප්‍රකාශකයා වැඩිදුරටත් කීය. එහෙත් පොලිස්පතිවරයා මේ ගැන මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතැයිද දැනගන්නට තිබේ.