2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

විග් ගැලෙවයි: මාවෙයි එයි උතුරට තුන්කොන් සටනක්!

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 73

I දේශපාලන වාර්තාකරු

උතුරුපළාත් සභා ප්‍රධාන ඇමැති සී.වී. විග්නේෂ්වරන් නව දේශපාලන සන්ධානයක් සමඟ දෙමළ ජාතික සන්ධානයෙන් වෙන්ව යාම ස්ථීර වී ඇති නිසා මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා උතුර පළාතේ සිය ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට දෙමළ ජාතික සන්ධානය තීන්දු කර ඇත.

දෙමළ ජාතික සන්ධානයෙන් ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් ඉවත්වීමත් සමඟ දෙමළ සන්ධානය පැහැදිලිවම දෙකඩ වී උතුරේ නව දේශපාලන බලපොරයක් නිර්මාණය වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති. ඒ අතර ඩග්ලස් දේවානන්ද මහතාද වෙනම සන්ධානයකින් උතුරේ ප්‍රධාන අමාත්‍ය ධුරයට තරග කිරීම ගැන රහසිගතව සාකච්ඡා කරමින් සිටින බව වාර්තාවේ.

එසේ වුවහොත් උතුරේ මහ ඇමැති පුටුවට තුන්කොන් සටනක් හටගනු ඇතැයි උතුරෙන් වාර්තාවෙයි.