2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

මහින්දට-ගෝඨාට ආරක්ෂාව අඩුදැයි සොයාබලයි

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 39

ගයාන් ගාල්ලගේ l

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේත්, හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේත් ආරක්ෂාව පිළිබඳ විධිමත් සොයා බැලීමක් සිදුකිරීමට ආරක්ෂක අංශ තීරණය කර ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

ඔවුන්ට ලබාදෙන ප්‍රභූ ආරක්ෂාවේ යම් අඩුපාඩුවක් තිබේද යන්නත් ආරක්ෂක ක්‍රමවේද වෙනස් කළ යුතුද යන්නත් සම්බන්ධයෙන් මෙම සොයා බැලීමේදී අවධානය යොමු කරන බව හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් ලබාදෙන ආරක්ෂාවේ අඩුපාඩුවක් හෝ ආරක්ෂක පිරිසගේ අඩුවක් සම්බන්ධයෙන් ඔවුන් පැමිණිලි කළහොත් අවශ්‍ය ආරක්ෂාව සැලසීමට පියවර ගන්නා බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.