2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

කුමන්ත්‍රණ කතාවේ ඉන්දියානුවාගේ තොරතුරු එළියට

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 57

ගයාන් ගාල්ලගේ l

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දියානු ජාතිකයා රිය අනතුරක් හේතුවෙන් මානසික රෝගී තත්ත්වයක පෙළෙන්නකු බවට දැනටමත් තහවුරු වී ඇති බව නීතිය හා සාමය භාර අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට පැවසීය.

ඒ බව ඉන්දියාවේ ජීවත් වන ඔහුගේ පවුලේ ඥාතීන් පවා තහවුරු කර ඇති බව අමාත්‍යවරයා කීය. ඔහු රූපවාහිනිය නරඹමින් සිටියදී කුමන්ත්‍රණ කතාව දැක මෙලෙස නාමල් කුමාර හමුවීමට ගොස් ඝාතන සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇති බව හෙළිවී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙය සුළුවෙන් නොසලකා ස්වාධීන විධිමත් පරීක්ෂණයක් සිදුකරමින් සිටිනා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00