2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

විග්නේෂ්වරන්ගේ අලුත් පක්ෂය ලබන මාසේ

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 133

I දේශපාලන වාර්තාකරු

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාගේ නායකත්වයෙන් යුත් නව දේශපාලන සන්ධානයක් ලබන මස පිහිටුවීමට නියමිත බව උතුරේ දේශපාලන අංශ ආරංචි මාර්ග කියයි.

දෙමළ ජාතික සන්ධානයට විකල්පයක් ලෙස පිහිටුවන නව දේශපාලන සන්ධානයට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා ද්‍රවිඩ සංගමය ආදී පිළිගත් පක්ෂවල සහාය ලබා ගැනීමට දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇතැයි දැනගන්නට තිබේ.

උතුරේ විද්වතුන් - සරසවි ශිෂ්‍ය සංවිධාන හා විදේශගත ඩයස්පෝරා ප්‍රජාවේ පූර්ණ අනුග්‍රහය මත නව දේශපාලන සන්ධානය ස්ථාපිත කෙරේ. උතුරු පළාත් සභාවේ නිල කාලය හමාර වී එය විසිරගිය පසු අලුත් සන්ධානයේ නායකත්වය ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතා විසින් භාරගනු ඇතැයි කියැවේ.

 

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00