2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

විදුලියටත් මිල සූත්‍රයක් - ආණ්ඩුව යෝජනාව ඉවතදමයි

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 33

I සංජීවිකා සමරතුංග

මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම රජයට දන්වා ඇති පරිදි විදුලිබලය සඳහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම රජය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

රටේ පවත්නා ආර්ථික ගැටලු නිසා මෙවන් මිල සූත්‍රයක් ක්‍රියාවට නැංවීම ප්‍රායෝගික නොවන බව රජයේ බලධරයන් මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට දන්වා ඇත. එහෙත් ඔවුන් තරයේ ප්‍රකාශ කර ඇත්තේ රාජ්‍ය ආදායම් ඉහළ නැංවාගැනීම සඳහා 2019 සඳහා ඉදිරිපත් කෙරෙන අය-වැය ලේඛනය මගින් රුපියල් කෝටි පහළොස් දාහක අමතර ආදායමක් ලබාගත හැකි නව බදු යෝජනා ඉදිරිපත් කළ යුතු බවයි.

රාජ්‍ය ආදායම් ඉලක්ක සපුරන්නේ නැත්නම් මූල්‍ය අරමුදලේ මීළඟ ණය වාරිකයන් ලබාදීම දුෂ්කර බවද මූල්‍ය අරමුදලේ නියෝජිතයන් රජයේ බලධරයන්ට දන්වා ඇත.