ආරක්ෂක වාර්තාකරු l
ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කළ යුතු බවට නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන නාලක ද සිල්වා උපදෙස් දුන් බවට තිබෙන දුරකතන සංවාදය ගැන කෙරෙන පරීක්ෂණයේදී චූදිත නියෝජ්‍ය පොලිස්පතිවරයා අද හෙටම අත්අඩංගුවට ගනු ඇතැයි ආරක්ෂක අංශ ආරංචි මාර්ග කියයි.
දැනට පොලිස් විශේෂ විමර්ශන ඒකකය (එස්. අයි. යූ.) මඟින් මේ ගැන කෙරෙන පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙන බවද දේශයට වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් සිකුරාදා දිනයේ ද ජනාධිපතිවරයා සහ පොලිස්පතිවරයා විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බව දැනගන්නට තිබේ.