2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

නව ආණ්ඩුක්‍රම කෙටුම්පත ජනමත විමසුමකට

 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 52

I දේශපාලන වාර්තාකරු

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මැතිසබයේදී සම්මත කරගෙන ජනමත විචාරණයක් කරා යොමු කිරීමට රජය සැලසුම් කරමින් සිටින බව දේශයට වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් විදේශගත වීමට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් සහ ඩී. එම්. ස්වාමිනාදන් ඇතුළු මැති ඇමැතීන් සමඟ දීර්ඝව සාකච්ඡා කර තිබිණි. ඉන් අනතුරුව නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී උදය ගම්මන්පිල මැතිසබයේදී පසුගියදා ප්‍රශ්න කළ විට සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ මාසයක් තුළ එහි කෙටුම්පත මැති සබයේ ව්‍යවස්ථා සම්පාදන කමිටුවට ඉදිරිපත් කිරීමට රජය තීන්දු කළ බවයි.

පසුගියදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මුණගැසුණු විපක්ෂ නායක හා දෙමළ සන්ධාන නායක ආර්. සම්පන්දන් මහතා කියා සිටියේ තමන්ගේ ජීවිත කාලය තුළ උතුරැ නැගෙනහිර ප්‍රශ්නයට ව්‍යවස්ථාමය විසඳුමක් නොලැබුණොත් නැවතත් තමන්ලාට පාලනය කළ නොහැකි බලවේග ක්‍රියාත්මක වනු ඇති බවයි.