2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

නිල නිවෙස බාර නොදුන් හිටපු ඇමැති උසාවියට?

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 393

I ගයාන් ගාල්ලගේ

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සිය අමාත්‍ය ධූරය දරන සමයේදී රජයෙන් ලබාදුන් සිය නිල නිවස තවමත් බාර නොදීම නිසා ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඔහුට කිහිප වතාවක් නිල නිවස නැවත බාරදෙන ලෙසට දැනුම් දුන්නත් ඊට කිසිදු ප්‍රතිචාරයක් ලබා නොදුන් නිසා මෙලෙස නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බව එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු දේශයට පැවසීය.

මෙය දයාසිරි අමාත්‍යවරයා කේන්ද්‍ර කරගනිමින් පමණක් සිදුකරන ක්‍රියාවක් නොවන බවත් සාමාන්‍ය නීතිමය ක්‍රමවේදය අනුව සිදුකරන දෙයක් බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

 

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00