2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

ද්විත්ව පුරවැසියන්ට ජනපතිවරණ නීතිය තවත් තදකරයි

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 531

I දේශපාලන වාර්තාකරු

ජනාධිපති මැතිවරණයට අදාළ ආඥා පනත සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙහිදී සිදුකෙරෙනු ඇත්තේ විදේශීය පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට ජනපති ඡන්දය සඳහා ඉදිරිපත් වීමට තිබෙන ඉඩකඩ අහුරා දැමීමයි. දේශයට වාර්තාවන ආකාරයට විදේශීය පුරවැසිකම දැරූ යම් තැනැත්තෙක් ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඔහු හෝ ඇය ඡන්දයට ඉදිරිපත් වීමට වසරකට පෙර අදාළ පුරවැසිකම ඉවත් කරගත යුතුය. 

එවැන්නෙක් ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදීමේදී තමන් පුරවැසිකම වසරකට පෙර ඉවත් කරගත් බව සඳහන් වන සහතිකයද සැපයිය යුතුය යනුවෙන් නව සංශෝධනය සකස් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

මෙම සංශෝධනය සකස් කළ යුතු ආකාරය ගැන රජයේ නීති උපදේශකයන් හා දේශපාලන උපදේශකයන් මේ වනවිටත් සාකච්ඡා ආරම්භ කර තිබේ.

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00