2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

භාණ්ඩ 200කට අලුතෙන් VAT බදු

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 394

I සංජීවිකා සමරතුංග

මෙතෙක් (වැට්) බදු පනවා නොතිබූ භාණ්ඩ වර්ග 200කට පමණ වැට් බදු පනවමින් මුදල් අමාත්‍යංශය විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව අදාළ භාණ්ඩවල මිල ගණන් ඉහළ යනු ඇත.

රෙදි පිළි, නූල්, ශීතකරණ, රූපවාහිනී යන්ත්‍ර ඇතුළු ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, ඔරලෝසු, මෙන්ම ඇස් කණ්ණාඩි, විදුලි උපකරණ, කැමරා, පැල, මල්වර්ග, ප්ලාස්ටික් නිෂ්පාදන ආදී භාණ්ඩ වර්ග 200ක් අලුතෙන් වැට් බද්දට යටත් කර ඇත.
එම භාණ්ඩවලට පැනවෙන්නේ 15%ක වැට් බදු ප්‍රතිශතයකි. ඊට අදාළව ශ්‍රී ලංකා රේගුවේ අංක 1264 දරණ චක්‍ර ලේඛනය මේ වනවිටත් නිකුත් කර තිබේ. මෙලෙස අලුතින් පැනවූ වැට් බද්ද අගෝස්තු 22 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකය.