2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

නව මහාධිකරණයෙන් ගෝඨාට අධිචෝදනා

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 179

අධිකරණ වාර්තාකරු l

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ සැකකරුවන් 7 දෙනකුට එරෙහිව නව ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවරීමට අදාළ අධිචෝදනා පත්‍රය නීතිපතිවරයා විසින් ගිය සිකුරාදා ත්‍රිපුද්ගල මහාධිකරණයට යොමු කළේය.

වීරකැටිය මැදමුලන ඉදිකළ ඩී. ඒ. රාජපක්ෂ සමරු සිහිවටන ස්ථානය නිර්මාණයයේදී ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ මුදල් රුපියල් මිලියන 39ක් අවභාවිත කළ බව කියමින් මෙලෙස නඩු පැවරීම සඳහා නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් කළ ඉල්ලීම අගවිනිසුරුවරයා විසින් අනුමත කොට පසුගිය බ්‍රහස්පතින්දා නීතිපතිවරයා වෙත යොමු කර තිබිණි. ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රමුඛ 7 දෙනකුට චෝදනා 7ක් යටතේ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවරෙන්නේ රාජ්‍ය දේපොළ අවභාවිතා කළ බවට චෝදනා නගමිනි.