2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

ඉරානය එක්ක ගනුදෙනු තේ-ඇඟලුම්වලින්

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 37

I සංජීවිකා සමරතුංග

අමෙරිකානු රජයේ සම්බාධක හේතුවෙන් අමෙරිකානු ඩොලර් ගෙවා ඉරානයෙන් ඉන්ධන මිලදී ගත නොහැකි බැවින් ඉන්ධනවල වටිනාකමට ශ්‍රී ලංකාවෙන් භාණ්ඩ ලබාගෙන අලෙවි කටයුතු කිරීමට ඉරානය කැමැත්ත පළකර තිබේ.

රජයේ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඉරානය ශ්‍රී ලංකාවට සපයන ඉන්ධනවල වටිනාකමට හිලව්වන්නට මෙරටින් ඇඟළුම්, තේ කොළ හා මාළු ලබාගැනීමට එකඟත්වය පළකර තිබේ.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පිරිපහදු කළ හැක්කේ ඉරේනියන් ලයිට් යනුවෙන් හඳුන්වන ඉරාන බොර තෙල් පමණක් බැවින් රජය මෙම ගනුදෙනුවට ගොස් එරට තෙල් ලබාගනු ඇතැයි රජයේ ප්‍රකාශකයෙක් දේශයට කීය.

දැනට රටේ ඉන්ධන අවශ්‍යතාවෙන් හතරෙන් එකක් පමණ පිරිපහදු කරන්නේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙනි. ඒ සඳහා වසරකට ඩොලර් මිලියන 500ක පමණ ඉන්ධන තොගයක් අවශ්‍ය කෙරේ.