I දේශපාලන වාර්තාකරු
නැවතත් කොටි සංවිධානය නගා සිටුවිය යුතු බවට හිටපු ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විසින් කිසියම් නීතිමය පියවරක් ගන්නේ නම් ස්ථාවර නියෝග අනුව එවැනි පියවරක් ගැනීමට කතානායකවරයාට බලය ඇතැයි නීතිපතිවරයා කතානායකවරයාට දැනුම් දී තිබේ.
මේ සතියේ ඊට අදාළ ලිඛිත උපදෙස් නීතිපතිවරයා විසින් කතානායකවරයාට යොමුකළ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
ඊට අමතරව මේ ගැන කෙරෙන පොලිස් පරීක්ෂණවල වාර්තාව පසුගිය සිකුරාදාවන විට නීතිපති දෙපාර්තමේන්තුවට දැනගන්නට ඇත. වහාම අදාළ පරීක්ෂණය සිදුකොට ඒ ගැන ගත හැකි නීතිමය පියවර කුමක්ද යන්න නීතිපතිවරයා විසින් දැනුම්දීමට නියමිතය.