2017 ජනවාරි 28 වන සෙනසුරාදා

ඇමැති මාරුව මාර්තුවේ

 2017 ජනවාරි 28 වන සෙනසුරාදා, පෙ.ව. 04:39 207


යෝජිත අමාත්‍ය මණ්ඩල සංශෝධනය ලබන මාර්තු මාසය දක්වා කල් දැමීමට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එකඟත්වයකට පත්ව ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

කලින් යෝජනා වී තිබුණේ ලබන නිදහස් දිනයට පෙර අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු කිරීමටයි. මේ ගැන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා පසුගිය දිනවල වාර දෙකක් පෞද්ගලික මට්ටමින් සාකච්ඡාකර ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග කියයි. රජයේ ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට මුදල් - මහාමාර්ග - ඉඩම් - රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන - අභ්‍යන්තර ආරක්ෂාව හා වරාය වැනි විෂයන් ගණනාවක් සංශෝධන පිළිබඳව රජයේ ඉහළ තැන්වලින් ඉඟි පළවී තිබෙන බව සඳහන්ය. 

I දේශපාලන වාර්තාකරු