
පළාත් පාලන ආයතන සීමා නිර්ණය සමාලෝචන කමිටුව මගින් සකස් කරන ලද වාර්තාව ලබන 31දාට පෙර අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.
මෙම ගැසට් පත්‍රය මගින් පළාත් පාලන මැතිවරණ කොට්ඨාස සීමා මායිම් නියම කෙරේ. එහෙත් එම සීමා නිර්ණයන්ට එකඟ නොවන තැනැත්තන්ට අවශ්‍ය නීතිමය සහය ලබාගැනීමටද කාලයක් ලබාදෙනු ඇතැයි දැනගන්නට තිබේ.
කෙසේ හෝ සීමා නිර්ණය කමිටු වාර්තාව අවසනයේ මැතිසබය මගින් සම්මත කළ යුතුව ඇත. ඉන්පසු දැනට කල්දමා ඇති පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම දින නියම කරනු ඇතැයි කියවේ. ඒ අතර දැනට ක්‍රියාත්මක වන පළාත් පාලන මැතිවරණ පනතේ සඳහන් නෛතික දෝෂ 60ක් පමණ ඉවත් කිරීමට සිදුවන බවද පළාත් පාලන අමාත්‍යංශය පවසයි.
I සංජීවිකා සමරතුංග