ගයාන් ගාල්ලගේ l
එළඹෙන සියලුම මැතිවරණ සඳහා පුළුල් සන්ධානයකින් එක්සත් ජාතික පෙරමුණ නාමය යටතේ තරග කරන බව විදුලි බල නියෝජ්‍ය අමාත්‍ය අජිත්. පී. පෙරේරා මහතා පැවසීය.
එම පෙරමුණ සඳහා තවම පක්ෂ ලාංඡනයක් තීරණය කර නොමැති බවත් ඉදිරියේදී එය තීරණය කරන බවත් හෙතෙම සඳහන් කළේය. ඒ සඳහා මේ වන විට පක්ෂ සහ කණ්ඩායම් කිහිපයක් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.