ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කළ 2017 ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල පසුගිය අඟහරුවාදා (31) රාත්‍රියේ ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. එහිදී හොඳම ප්‍රවෘත්ති වෙබ් අඩවියට හිමි සම්මානය දේශය පුවත්පතේ වෙබ් අඩවියට හිමි විය. දේශය පුවත්පතේ ධනුෂ්ක විජේසිරි මහතා එම සම්මානය අයි.ටී. ඇඩ්වයිසර්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ කණිෂ්ක සුගතදාස මහතා අතින් ලබාගත් අවස්ථාව. (වමේ)
වසරේ හොඳම විශේෂාංග ලේඛකයාට හිමිවන උපාලි විජයවර්ධන සම්මානයේ කුසලතා සහතිකය දේශය පුවත්පතේ නියෝජ්‍ය විශේෂාංග කර්තෘ සුගත් පී. කුලතුංගආරච්චි මහතාට හිමිවිය. ශ්‍රී ලංකා පුවත්පත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති රංජිත් විජයවර්ධන මහතා එම කුසලතා සහතිකය පිරිනැමූ අවස්ථාව (දකුණේ) සේයාරුවෙන් දැක්වේ..
සේයාරූ- සුමුදු හේවාපතිරණ