
තමන්ගේ වෘත්තීය සහ මානව හිමිකම් අයිතීන් සුරක්ෂිත කරගැනීම සඳහා කොළඹ හා පිටපළාත් නගර ආශ්‍රිතව ගතවූ සති තුනක කාලය තුළ උද්ඝෝෂණ සහ විරෝධතා ව්‍යාපාර 10ක් පමණ පැවැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා දේශයට පැවසීය.
උද්ඝෝෂණ පැවැත්වීම මානව හිමිකම් අයිතියක් ලෙස පිළිගැනුණද මේ නිසා පොදු ජනතාවට සිදුවන පීඩා අවම කිරීමට උද්ඝෝෂණ සඳහා වෙනම පොදු ස්ථානයක් කඩිනමින් සපයාදීමට පොලීසිය රජයෙන් ඉල්ලීමක් කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
විශේෂයෙන් සවස් කාලයේ පැවැත්වෙන උද්ඝෝෂණ නිසා අධික රථවාහන තදබදය හා මහජන පීඩා සිදුවීමෙන් බරපතළ සමාජ ප්‍රශ්න හටගෙන ඇතැයි පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රටේ පොදු දේපළවලට හානි කරමින් සිවිල් නීතිය කඩකරන උද්ඝෝෂකයන්ට එරෙහිව පොලීසිය ප්‍රබලව මැදිහත්වන බවද ප්‍රකාශ කළේය.
(සමන්ත ප්‍රදීප් විල්තෙර)