2018 ජුලි 28 වන සෙනසුරාදා

පළාත් සභා ඡන්දය තවත් කල්යයි

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 34

I ගයාන් ගාල්ලගේ

වසරක පමණ කාලයක් තිස්සේ කල්දමා ඇති පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් යන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට හේතු වී ඇත්තේ පළාත් සභා ඡන්දය මනාප ක්‍රමයට පත්වන්නේද නැතහොත් නව මැතිවරණ ක්‍රමය යටතේ පවත්වන්නේද යන කරුණ සම්බන්ධයෙන් ප්‍රධාන පක්ෂ අතර එකඟතාවයක් නොමැති වීම නිසාය.
පසුගිය බ්‍රහස්පතින්දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තු පක්ෂ නායකයන් අතර පැවති තීරණාත්මක සාකච්ඡාවද අවසන් වූයේ නිශ්චිත එකඟතාවයක් නොමැතිවය.

විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය සහ මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ පළාත් සභා මැතිවරණය පැරණි මනාප ක්‍රමය යටතේ පවත්වන ලෙස ඉල්ලීම් සිදුකර තිබුණි. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ ඊට එකඟත්වය පළකරන්නේ නැත. කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානය කිසිදු අදහසකට කැමැත්තක් පළකර නොමැති අතර ඔවුන්ගේ තීරණය අවසානය තෙක් ලබා නොදීමට තීරණය වී ඇත.

පක්ෂ අතර මෙලෙස බෙදීම නිසා පළාත් සභා මැතිවරණය ඉදිරියේදී පැවැත්විය යුතු ආකාරය පිළිබඳව නිශ්චිත තීරණයට එළඹීමට නොහැකි වී ඇත.