සමන්ත විල්තෙර l
රජයේ ආනයන අපනයන පාලකවරයා වාහන ආනයනකරුවකුගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ලබා ගැනීමේදී අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් සිකුරාදා පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.
වැලිගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් විසින් අවුරුදු 10ක් පැරණි වාහන දෙකක් ජපානයෙන් ගෙන්වීම සඳහා නීත්‍යානුකූල බලපත්‍රයක් ලබාදීමට අදාළව මුදල ඉල්ලා තිබේ. එම මුදල ලබාගන්නා අවස්ථාවේ මොහු පන්නිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසමේ නිලධාරීහු පැවසූහ.
අත්අඩංගුවට ගත් ආනයන අපනයන පාලකවරයා සිකුරාදා රාත්‍රියේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.