2018 ජුලි 21 වන සෙනසුරාදා

විකිණූ රාජ්‍ය ආයතන සොයාබැලීම් දිගටම

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 73

I ගයාන් ගාල්ලගේ

යහපාලන රජය විසින් විදේශීය සමාගම්වලට ලබාදුන් හා පෞද්ගලීකරණය කළ සියලුම රාජ්‍ය ආයතන නිරීක්ෂණය ඉදිරියේදී දිගටම කරගෙන යාමට ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා දේශයට පැවසීය.

එම ස්ථාන නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව රාජ්‍ය දේපලවලට සිදුවී ඇති විනාශය සහ පාඩුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ රටේ ජනතාවට දැනගැනීම සඳහා හෙළිදරව් කරන බවද හෙතෙම සඳහන් කළේය.

පසුගියදා මත්තල ගුවන්තොටුපළ නිරීක්ෂණයට ගිය බවත් ඒ වනවිට එහි වීදුරු බිඳ දමා විදුලි රැහැන් කපාගෙන ගොස් ඇති අයුරු දැකගැනීමට හැකි වූ බවත් මන්ත්‍රීවරයා කීය. කෙසේ වෙතත් ඉදිරියේදී රාජ්‍ය දේපල පෞද්ගලීකරණය කිරීමේ අපරාධයට එරෙහිව විශාල සටනක් ගෙන යන බවද රංජිත් සොයිසා මහතා පැවසීය.