2018 ජුලි 14 වන සෙනසුරාදා

කතරගම අැසළ උළෙල අැරඹෙයි

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 05:59 61

චමිඳු නිසල් ද සිල්වා l

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික පෙරහර මංගල්‍යය පසුගිය සිකුරාදා ආරම්භ විය. ඉදිරි සති දෙකේදී කතරගම ඇසළ මහා පෙරහර වීදි සංචාරය කරන බව වැඩබලන බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

“සුරඳුනි කතරගම සුරකිමු සොබාදම” යන තේමාව යටතේ පැවැත්වෙන ඇසළ පෙරහර මංගල්‍ය හමාර වන්නේ ජූලි 22 වැනිදා වීදි සංචාරය කරන අවසන් මහ පෙරහරෙනි. දියකැපීමේ මංගල්‍යය ජූලි 28 වැනි දින පෙරවරුවේ සිදුකෙරේ. මෙවර පෙරහර මංගල්‍යය කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නා හිමියන්ගේ සහ කතරගම අභිනවාරාමාධිපති රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කපුගම සරණතිස්ස නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් වැඩබලන බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. පෙරහර කටයුතු සංවිධානය සඳහා දිස්ත්‍රික් ලේකම්වරිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ අනුග්‍රහයද ලැබී තිබේ.

දියකැපීමේ මංගල්‍යය හමාර වීමත් සමගම මැණික් ගං දෑල පිරිසුදුකොට පරිසරය පවිත්‍ර කිරීමේ වැඩසටහනක්ද දියත් කෙරෙන බව පෙරහර සංවිධාන කමිටුව ප්‍රකාශ කරයි.