2018 ජුනි 16 වන සෙනසුරාදා

එජාපය දිනවන්න පරණ කකුල් ඕනෑ - ඇමැති ජෝන් අමරතුංග

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 184

ගයාන් ගාල්ලගේ l

එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරා යාමට නම් අලුත් අයට වඩා පැරැණි අය පක්ෂයට සමීප කරගතයුතු බව සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු බාර අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසීය.

අලුත් අයට වඩා පක්ෂිකයා හඳුනන්නේ පැරණි අය බවත් ඒ නිසා පක්ෂයට පැරැණි අය අත්‍යවශ්‍ය බවත් ඔහු සඳහන් කළේය. 

එසේම පැරැණි සාමාජිකයන් ඉවත් කළහොත් ඔවුන්ට වෙනත් පක්ෂවලින් ඉල්ලුම් කර පැමිණිය හැකි බවත් ඇමැතිවරයා කීය.