2018 ජුනි 16 වන සෙනසුරාදා

16 න් 11ක් කෙළින්ම ඒකාබද්ධයට

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 54

I සංජීවිකා සමරතුංග

පසුගියදා රජයෙන් ඉවත් වූ ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීන් 16 දෙනාගෙන් 11 දෙනකු ඒකාබද්ධ විපක්ෂය සමඟ සෘජුවම එක්වීමට තීන්දු කර ඇතැයි එම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය. ඉතිරි 05 දෙනා ද එම මතයට එකඟ කර ගැනීම සඳහා මේ සතියේ සාකච්ඡා කරන බවද ඔහු සඳහන් කළේය.

සති කිහිපයක් විදේශගතව සිටි අනුර යාපා හිටපු අමාත්‍යවරයා මෙරටට පැමිණෙන තෙක් මෙම සාකච්ඡා පමා වූ අතර දැන් අනුර යාපා මහතා ද පැමිණ සිටිනා නිසා කඩිනමින් සාකච්ඡාවක් පවත්වා තීන්දුවක් ගන්නා බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.

එලෙස පොදු එකඟතාවකට පත් වූ පසු ශ්‍රී.ල.නි.පයේ දැනට සිටිනා තවත් මන්ත්‍රීන් 5 දෙනකු තමන් සමඟ එක්වීමට සූදානම් යැයි හෙතෙම අවධාරණය කළේය.