
චීනය, ඉන්දියාව, යුරෝපා වෙළෙඳපොළ හා සිංගප්පූරුව තුළ ශ්‍රී ලාංකික නිෂ්පාදනවලට වෙළෙඳ අවස්ථා විවෘත කරමින් නව වසරේ අලුත් ආර්ථික පෙරළියකට මුලපුරන බව ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර ආර්ථික සමුළුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරැ අවධාරණය කළහ.
ඇතැම් රටවල් සමඟ සහයෝගීතා ගිවිසුම්ද තවත් රටවල් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම්ද ඇති කරගනිමින් ශ්‍රී ලංකාව ආර්ථික පිම්මකට සැරසෙන බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙරට ආයෝජන සඳහා සූදානම් ප්‍රකට බටහිර ඖෂධ නිෂ්පාදන සමාගම් - පරිගණක මෘදුකාංග සමාගම් - ඩිජිටල්කරන සමාගම් සහ යටිතල පහසුකම් සංවර්ධන සමාගම් ගණනාවක් සමඟ අග්‍රාමාත්‍යවරයා සහ සෙසු අමාත්‍යවරැ සාකච්ඡා කළහ.
චීන ජනාධිපතිවරයා ස්විට්සර්ලන්ත ජනාධිපතිවරිය, ආසියානු ආයෝජන බැංකු සභාපතිවරයා මයික්‍රොසොෆ්ට් සභාපතිවරයා ඇතුළු රාජ්‍ය නායකයන් හා ජාත්‍යන්තර වෙළෙඳ සමාගම් ප්‍රධානීහු අගමැතිවරයා මුණගැසී ශ්‍රී ලංකාවට සහය පළ කළහ.
| ව්‍යාපාරික වාර්තාකරු