ගයාන් ගාල්ලගේ l
නියෝජ්‍ය කතානායක තේරීමේදී තමන්ව පරාජය කළේ තමන් සමඟ ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප පොරයක් තිබෙන මන්ත්‍රීවරුන් පිරිසක් බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය දේශයට පැවසුවාය.
තමන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ ආශිර්වාදය ඇතිව නියෝජ්‍ය කතානායක තනතුර සඳහා තරග කළ බවත් එහෙත් මනාප පොරය සහ ඉරිසියාව නිසා මෙලෙස තමන්ව පරාජය කළ බවත් ඇය කීවාය.
තමන්ගේ ස්වාමියා වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ජීවිතය පරිත්‍යාග කළේත්, තමන්ගේ වෘත්තිය ජීවිතය කැප කළේත් පක්ෂය වෙනුවෙන් බව ඇතැම් අයට අමතක වී ඇති බවත් මන්ත්‍රීවරිය සඳහන් කළාය.
එසේම පැහැදිලිවම මෙම පිරිස උදව් උපකාර කළේ එජාපයට බවත් තමන් පෙනී සිටියේ පක්ෂය වෙනුවෙන් බවත් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.