ගයාන් ගාල්ලගේ l
දැනට රුපියල් 101කට පවතින භූමිතෙල් මිල හෙට (11) සිට රුපියල් 80-70 අතර මිලකට අඩු කිරීමට රජය තීන්දු කළ බව ධීවර සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා (දේශයට) පැවසීය.
ඒ අනුව භූමිතෙල් ලීටරයක මිල රුපියල් 25ත් 30ත් අතර ප්‍රමාණයකින් අඩුවීමට නියමිතය.
මෙම තීරණය අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා අතර පසුගියදා පැවති සාකච්ඡාවකින් අනතුරුව ගනු ලැබූ බව ඒ මහතා සඳහන් කළේය.