
මෙරටට බලපා ඇති දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත ජල මට්ටම 34%ක් දක්වා පහළ බැස ඇතැයිද ඒ නිසා විදුලි උත්පාදනය 11% පමණ බිඳවැටී ඇතැයිද ලංකා විදුලිබල මණ්ඩලය කියයි.
මෙරට ජාතික විදුලියට 87%ක් තාප විදුලියෙන් සැපයෙන අතර ඉතිරි විදුලිය ජනනය කෙරෙනු ලබන්නේ ජලයෙන්, සූර්ය බලයෙන් හා සුළං බලයෙනි. මේ අතර අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ක්‍රියාවිරහිතව තිබූ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනක යන්ත්‍රයක් පසුගිය 15 වැනිදා සිට ක්‍රියාත්මක කළ බවද විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති අතුල වන්නිආරච්චි මහතා ප්‍රකාශ කරයි.
නියඟයත් සමඟ ඉදිරියේදී උද්ගත විය හැකි විදුලි අර්බුදයට පිළියමක් ලෙස ඩීසල් ජනක යන්ත්‍ර මගින් විදුලිය නිපදවීමට සහ එය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමටද විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇතැයි සඳහන්ය.
එළඹෙන මැයි මස තෙක් වැසි රහිත කාලගුණයක් පවතී නම් රුපියල් බිලියන 08ක් වැය කරමින් මෙගාවොට් 01 බැගින් විදුලිය උත්පාදනය කරනු ලබන ජනක යන්ත්‍ර ආනයනය කර රට පුරා ඇති විදුලි උපපොළ වෙත ලබාදීමටද විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබේ.
I හසිත් අංජන