
මෙයට අදාළ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් නොකර එකී කාර්යාංශය ස්ථාපිත කළ නොහැක. උතුරු නැගෙනහිර අතුරුදන්වූවන්ගේ පවුල්වලට සහන සැලසීම ඇතුළු සංවේදී කාරණා ගණනාවක් මෙමගින් ඉටු කිරීමට යෝජිතය. එහෙත් ඊට අවශ්‍ය ගැසට් පත්‍රය නිකුත් කළ යුත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනිනි. මෙය අත්සන සඳහා ජනාධිපතිවරයා වෙත යවා ඇතත් ජනාධිපතිවරයා මෙතෙක් ඊට අත්සන් කර නැත.
මේ හැර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කොට ඒ වෙනුවට ගෙන එන නව පනතක් සඳහා ද ජනපතිවරයාගේ අනුමැතිය අවශ්‍ය වෙයි. එයද ලබන මාර්තුවේ ජිනීවා කොමිසම රැස්වීමට පෙර ප්‍රකාශ කළ යුතුයැයි මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට දන්වා ඇත. මේ සියල්ල රටට ජී.එස්.පී බදු සහනය ලබාගැනීම සඳහා ද අත්‍යවශ්‍ය සාධක වෙයි.