
වීසා කොන්දේසි කඩකරමින් මෙරට ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නොවන සංවිධානයක සේවය කරන ස්විස් ජාතික කාන්තාවක අත්අඩංගුවට ගැනීමට නියමිත බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් දේශය ට පැවැසීය.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ලැබුණු ආරංචියක් මත කළ හදිසි වැටලීමකින් මෙම කාන්තාව එහි සේවය කරන බව තහවුරු කරගත්තේ යැයි එම නිලධාරියා කීය.
දූෂණ මර්දන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජගත් කීර්තියට පත් ආයතනයක් වන මෙහි ඇය සේවය කරන්නේ විවාහක පදනම මත ලබාගත් වීසා බලපතක් යටතේ යැයිද එය තනිකරම ආගමන හා විගමන නීති බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් යැයි ද හෙතෙම සඳහන් කළේය.
♦ බිඟුන් මේනක ගමගේ