
I සංජීවිකා සමරතුංග
එ.ජා.ප.යෙන් පත් කිරීමට සැලසුම් කර තිබෙන නව නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍ය ධුර 6 සඳහා සුදුසුකම් නිර්දේශ කර එවන ලෙස ජනාධිපති කාර්යාලය අගමැති කාර්යාලයට ලිඛිතව දැනුම් දී ඇතැයි වාර්තා වේ.
එහෙත් මෙතෙක් අදාළ නාම ලේඛනය ජනාධිපති කාර්යාලයට ඉදිරිපත් කර නැත. යෝජිත නම් ඉදිරිපත් වූ වහාම අදාළ පත් කිරීම් සිදුකිරීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇතැයි වැඩිදුරටත් සඳහන් වෙයි.