2018 මැයි 26 වන සෙනසුරාදා

එජනිසය හදන්න සාකච්ඡා!

 2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 43

I සංජීවිකා සමරතුංග

රජයෙන් ඉවත්ව විපක්ෂයට ගිය මන්ත්‍රීන් 16 දෙනා සහ ඒකාබද්ධ විපක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක සහයෝගයෙන් නැවත වරක් එක්සත් ජනතා නිදහස් සන්ධානය නව සංවිධානයක් ලෙස කරළියට ගෙන ඒමට සැලැසුම් කරමින් සිටී.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේද අනුග්‍රහය ලබාගැනීමට තීරණය කර ඇති බව කියැවේ. දැනට ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානීන් වන දිනේෂ් ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ සහ 16 දෙනාගේ කණ්ඩායමේ සුසිල් ප්‍රේමජයන්ත හා එස්.බී. දිසානායක මහත්වරුන් මේ ගැන මූලික අදහස් හුවමාරැවක් කරගෙන ඇතැයි දැනගන්නට තිබේ.

පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ 16 දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයන් දෙපක්ෂය පුළුල් සන්ධානයක් යටතේ ඒකාබද්ධව දේශපාලනය කිරීමට එකඟතාව පළ කළෝය.