
I දේශපාලන වාර්තාකරු
ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ පාලක මණ්ඩලයට කැලණිය සරසවියේ සේවය කරන මහාචාර්යවරයකු පත් කිරීම විශ්වවිද්‍යාල සම්ප්‍රදාය උල්ලංඝනය කෙරෙන සහමුලින්ම වැරදි ක්‍රියාවක් බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා දේශයට පැවසීය.
කොළඹ සරසවියේ හිටපු උප කුලපතිවරයකු අමාත්‍යවරයකු මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයාද වන මහාචාර්ය පීරිස් මහතා කීවේ තමන්ගේ සරසවි ජීවිතයේ මෙබඳු සිදුවීමක් ගැන ඇසූ මුල්ම වතාව මෙය බවය. වෙනත් සරසවියක මහාචාර්යවරයකු තවත් සරසවියක පාලක මණ්ඩලයට පත්කිරීමෙන් වගකීම් පිළිබඳ ගැටුමක් හටගන්නා බවද මහාචාර්යවරයා සඳහන් කළේය. මෙබඳු පාලක මණ්ඩලවලට පත් කරන්නට ස්වාධීන විද්වතුන් ඕනෑතරම් සිටියදී මේ ආකාරයට සම්මතයට පටහැනි සම්ප්‍රදාය විරෝධී දේ නිසා සරසවි ස්වාධීනත්වය කෙළෙසන බව හෙතෙම වැඩිදුරටත් කීය.