2018 මැයි 26 වන සෙනසුරාදා

ව්‍යවස්ථාව ඉල්ලා උතුරේ විරෝධතා

 2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 36

I දේශපාලන වාර්තාකරු

ලබන ජූනි මාසය තුළ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් නොකළොත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල උද්ඝෝෂණ මාලාවක් දියත් කිරීමට දෙමළ ජාතික සන්ධානය සැලැසුම් කරමින් සිටින බව දේශයට වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය රජය දැනුවත් කර තිබේ. ඉදිරි කාලයේ රජයේ පොදු කටයුතුවලට සහාය දීම සම්බන්ධයෙන්ද තීන්දුවක් ගැනීමට දෙමළ සන්ධානයට සිදුවන බව ඒ සමඟ දැනුම් දී ඇතැයිද සඳහන්ය.

මෙම ඉල්ලීම දැඩිව ඉදිරිපත් වීම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ විශේෂඥ කමිටුව මගින් ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම කඩිනම් කර ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ.