2018 මැයි 19 වන සෙනසුරාදා

මැලේසියා හිටපු අගමැති නිවෙසේ ලංකාවෙ සල්ලි

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 312

මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට අයත් ක්වාලාලාම්පූර් නුවර සුපිරි නිවසින් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 28ක් සොයාගැනීමට එරට පොලිසිය සමත් වී තිබේ.   

ඉකුත් 17 වැනිදා රාත්‍රියේ සිදුකළ මෙම වැටලීමේදී රුපියල්වලට අමතරව බ්‍රිතාන්‍ය පවුම් සහ මැලේසියානු රිංගිට් ඇතුළු මුදල් ඒකක කිහිපයකටම අයත් මුදල් එහි තිබී ඇති අතර සමස්ත මුදල් ප්‍රමාණයේ එකතුව ශ්‍රී ලංකා රුපියල් දෙකෝටි හතළිස් ලක්ෂයකට අධික ය. ඊට අමතරව සුපිරි කාන්තා අත්බෑග් පෙට්ටි 284ක්, රන් ආභරණ මංජුසා 72ක් ඇතුළු භාණ්ඩ තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.