
රජිත ජාගොඩ ආරච්චි l
ඛණිජ තෙල් සංස්ථාව ඛණිජ තෙල් බෙදාහැරීමෙන් සිදුවන පාඩුව අවම කරගැනීම හුවා දක්වමින් මෙරට ඉන්ධන මිල ගණන් වැඩි කළ ද සංස්ථාව මේ වනවිට පැවතියාට ද වඩා පාඩු ලබන තත්ත්වයකට පත්ව ඇතැයි දේශයට වාර්තා වේ.
උදාහරණයක් ලෙස 92 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 137 දක්වා වැඩි කළ ද රජයේ අදාළ බදු මුදල් ද ගෙවමින් පෙට්‍රල් ලීටරයක් බෙදාහැරීම සඳහා ඛණිජ තෙල් සංස්ථාවට රුපියල් 150ක මුදලක් වැයවන බවත් එම නිසා අලෙවි වන සෑම පෙට්‍රල් ලීටරයකින්ම රුපියල් 13ක පාඩුවක් සංස්ථාවට සිදුවන බවත් ඛනිජතෙල් අමාත්‍යංශ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.
ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ සෑම පෙට්‍රල් ලීටරයකින්ම රුපියල් 60ක බද්දක් ආණ්ඩුව අය කරගන්නා බවත් එම බදු මුදල අඩු කළහොත් ඛණිජ තෙල් සංස්ථාවට සිදුවන පාඩුව අවම කරගැනීමට මෙන්ම පෙට්‍රල් ඩීසල් මිල ගණන් අඩු කිරීමට හැකි බවත්ය