2018 මැයි 12 වන සෙනසුරාදා

මම වාගේ ඉවසන්න - ජෝන් අමරතුංග

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 49

I ගයාන් ගාල්ලගේ

තමන් තරුණ මන්ත්‍රීවරයකු වශයෙන් අවුරුදු 10ක් කිසිදු තනතුරක් හෝ ඇමතිකමක් නැතිව සේවය කළ බවත් එලෙස වර්තමාන පසුපෙළ මන්ත්‍රීවරුද මීට වඩා ඉවසීමෙන් සහ හික්මීමෙන් කටයුතු කළ යුතු බවත් සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා දේශයට පැවසීය.

පක්ෂයේ නායකයා කවුරුන් වුවත් ඔහුට අවනත විය යුතු අතර තනතුරු, වරදාන, වරප්‍රසාදවලට පක්ෂ නායකයාට එරෙහිව යා යුතු නොවන බවද ඒ මහතා කීය.

ඒ නිසා දැන් සිටම එක්ව වැඩකටයුතු සිදුකොට ඊළඟ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීම සඳහා වැඩකටයුතු සිදු කළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.