2018 මැයි 12 වන සෙනසුරාදා

වියත් මඟ විශේෂ සමුළුව අද

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 53

සංජීවිකා සමරතුංග l

ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ඉලක්ක පිළිබඳ සාකච්ඡා කෙරෙන වියත් මඟ විශේෂ සම්මන්ත්‍රණය අද (13) සවස 5.00ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රිල්ලා හෝටලයේදී පැවැත්වේ.

දිවයිනේ ප්‍රධානපෙළේ ව්‍යාපාරිකයන්, වියතුන්, සරසවි ආචාර්යවරුන්, සංවර්ධන විශේෂඥයන් හා කලාකරුවන් 1700කගේ සභාගීතිවයෙන් පැවැත්වෙන වියත් මඟ වාර්ෂික සම්මේලනය ලෙස මෙම සමුළුව හැඳින්වේ. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ වියත් මඟ අධ්‍යක්ෂ මණ්ඩලය මෙම සම්මන්ත්‍රණය සංවිධානය කරයි.