2018 මැයි 12 වන සෙනසුරාදා

ආණ්ඩුවෙන් යනවාද ශ්‍රීලනිප තීන්දුව 17 වැනිදා

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 37

දේශපාලන වාර්තාකරු l

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක මධ්‍යම කාරක සභාව ලබන 17 වැනි බ්‍රහස්පතින්දා රාත්‍රී 7.00ට කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත. 

මෙදින රජයෙන් ඉවත්වූ ශ්‍රී ල.නි.ප. මන්ත්‍රීන් මුළු ශ්‍රීලනිපයම රජයෙන් ඉවත්විය යුතුය යන යෝජනාව මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරන බව එම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.

එසේම පක්ෂ ප්‍රතිසංවිධානය දින 45 තුළ නිමකරන බවට ජනාධිපතිවරයා කලින් දුන් ප්‍රතිඥාව සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිතය. ඊට අදාළ යෝජනා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාට ඉක්මණින් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා මේ වනවිටත් දැනුම් දී තිබේ.

ඒ අතර ශ්‍රී ල.නි.ප. ආරංචි මාර්ග සඳහන් කරන්නේ පක්ෂ ප්‍රතිසංවිධානයට පෙර පක්ෂයේ සියලු නිලතල දරන්නන් එම තනතුරැවලින් ඉල්ලා අස්වී ප්‍රතිසංවිධානයට ඉඩකඩ සලසන ලෙස ඉල්ලීමක් ඉදිරිපත්ව ඇති වගයි.