2018 මැයි 12 වන සෙනසුරාදා

මන්ත්‍රී පට්ටම එපා: උතුරේ මහා ඇමැති ටි.එන්.ඒ. ඇරයුම ඉවත දමයි

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 43

I දේශපාලන වාර්තාකරු

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාදී මැතිසබයට පත් කිරීමට දෙමළ සන්ධාන නායකත්වය කළ යෝජනාවක් ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

තමන් ඊළඟ වර පාර්ලිමේන්තු යාමට අදහස් නොකරන බවත් මහ ඇමැති ධුරය සඳහා වෙනත් පක්ෂයකින් හෝ තරග කර උතුරේ ජනතාවට සේවය කරන බවත් විග්නේෂ්වරන් මහතා දෙමළ ජාතික සන්ධාන නායකත්වයට දැනුම් දී තිබේ.

ඒ අනුව දැනටමත් විග්නේෂ්වරන් මහතා නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු යොදමින් සිටින බව වාර්තා වෙයි. උතුරේ පක්ෂ නායකයන් වන ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, බටහිර රටවල දෙමළ ඩයස්පෝරාව හා උතුරේ සරසවි ශිෂ්‍යයන්ද විග්නේෂ්වරන් මහතාට සහාය දීමට දැනටමත් ඉදිරිපත්ව සිටින බව උතුරේ ආරංචි මාර්ග කියයි.