
| දේශපාලන වාර්තාකරු
එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීන් 6 දෙනෙකුට නියෝජ්‍ය අමාත්‍ය පදවි පිරිනැමීමට එ.ජා.ප.ය තීන්දුකර තිබේ. ඒ සඳහා අවශ්‍ය නිර්දේශය මේ වනවිට ජනාධිපති කාර්යාලයට යවා ඇත. දේශයට වාර්තාවන ආකාරයට මෙම නියෝජ්‍ය අමාත්‍ය පදවි හිමිවන්නේ රංජිත් අළුවිහාරේ, බුද්ධික පතිරණ, එඩ්වඩ් ගුණසේකර, ආනන්ද කුමාරසිරි, ලකී ජයවර්ධන සහ සිඩ්නි ජයරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ටය.
මේ සමඟ කැබිනට් අමාත්‍ය පදවියක් සඳහා දෙවන වරටත් යෝජනා වූ රවි කරුණානායක මහතාගේ නම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි ජනාධිපති කාර්යාලයීය ආරංචි මාර්ග පවසයි.