2018 මැයි 05 වන සෙනසුරාදා

එජාප පසුපෙළින් අගමැතිට ලිපියක්

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 236

I ගයාන් ගාල්ලගේ

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු විසින් විශේෂ කරුණු ඇතුළත් ලිපියක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත මේ සතියේදී බාරදෙන බව එම කණ්ඩායමේ සාමාජිකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාන් විතානගේ මහතා (දේශයට) පැවසීය.

පක්ෂය ප්‍රතිසංවිධානය විය යුතු ආකාරයත් එසේම එය හරි හැටි සිදු නොවුණහොත් පසුපෙළ මන්ත්‍රීවරුන් ක්‍රියාකරන ආකාරයත් එම ලිපියේ සඳහන් කර ඇති බව හෙතෙම සඳහන් කළේය.

විශේෂයෙන් රුවන් විජයවර්ධන වාර්තාව ක්‍රියාත්මක කරන ලෙස එම ලිපිය මගින් අග්‍රාමාත්‍යවරයාට දැනුම් දෙන බවද මන්ත්‍රීවරයා කීය.