2018 මැයි 05 වන සෙනසුරාදා

ආණ්ඩුව කැඩෙනකම් බලා ඉන්න අයට වෙන්නෙ නරියට වුණුදේ - ඇමැති දුමින්ද දිසානායක

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 49

I ගයාන් ගාල්ලගේ

නව කැබිනට් මණ්ඩලය පත්කළේ වත්මන් එ.ජා.ප. - ශ්‍රී ල.නි.ප. රජය 2020 දක්වා ක්‍රියාත්මක කිරීමට බව වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය සහ ශ්‍රී ල.නි.ප. මහලේකම් දුමින්ද දිසානායක මහතා (දේශයට) පැවසීය.

ඒ බව සාමාන්‍ය දැනීම ඇති ඕනෑම අයකුට වටහාගත හැකි බවද හෙතෙම සඳහන් කළේය.

බොහෝ දෙනෙක් වර්තමාන යහපාලන ආණ්ඩුව කැඩී බිඳී ගොස් ශ්‍රී ල.නි.ප.ය ඉවත් වනතුරු බලා සිටින බවත් එහෙත් ජනතාව ලබාදුන් පොරොන්දුව ඉටුකරන තෙක් මේ ආණ්ඩුව ඉදිරියට රැගෙන යන බවත් අමාත්‍යවරයා කීය.