2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

ඒකාබද්දයේ කොන්දේසියට ජවිපෙ එකඟ නැතිලු!

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 55

I ගයාන් ගාල්ලගේ

විධායක ජනාධිති ධූරය අහෝසි කිරීම සඳහා එකඟවීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෙන ආ කොන්දේසිය සපිරීමට නීතිමය ඉඩක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා දේශයට පැවසීය.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමත් සමඟ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කළ හිටපු ජනාධිපතිවරයාගේ යෝජනාව කිසිවකුට තනිව ඉටුකළ නොහැකි බවත් එය පාර්ලිමේන්තුවේ 2/3ක අනුමැතිය මත සිදුවිය යුතු දෙයක් බවත් හෙතෙම සඳහන් කළේය. කෙසේවෙතත් 20 වැනි සංශෝධනයෙන් පසුව ඒ පිළිබඳවද සලකා බැලීමට හැකියාවක් ඇති බවද මන්ත්‍රීවරයා කීය.

එසේම 20 වැනි සංශෝධනය හරහා විධායකය අහෝසි කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකඟ වීම ගැන ඔහුට ස්තූතිවන්ත වන බවද මන්ත්‍රීවරයා පැවසීය.