2018 අප්‍රේල් 13 වන සිකුරාදා

ජනපති එක්ක නැවත කතා නැහැ - එජාප මන්ත්‍රී චමින්ද විජේසිරි

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:00 105

ගයාන් ගාල්ලගේ l

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු නැවත කිසිදු දිනෙක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡාවලට සහභාගි නොවන බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය.

ජනාධිපතිවරයාගේ අරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගා නැවත බලයට ඒම පමණක් බවත් හෙතෙම කීය. මේ නිසා ඔහු සමඟ සාකච්ඡා කිරීම නිශ්ඵල ක්‍රියාවක් ලෙස තමන් සිතනවායැයි එම මන්ත්‍රීවරයා පැවසීය.