2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

ඒකාබද්දෙට ජයග්‍රහණ 4ක් ලැබුණා

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 294

l දේශපාලන වාර්තාකරු

විශ්වාසභංගයෙන් අගමැතිවරයා ජයග්‍රහණය කළද ඒකාබද්ධ විපක්ෂය ජයග්‍රහණ 4ක් ලැබූ බව දේශයට විශේෂ ප්‍රකාශයක් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඉන් පළමු ජයග්‍රහණය ආණ්ඩුවට අත්තනෝමතික හිතුවක්කාර තීරණ ක්‍රියාත්මක කිරීමට තිබූ 2/3 බලය අහෝසි වීම බව ඔහු පැවසීය. එසේම දෙවැනි ජයග්‍රහණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දියාරු ප්‍රතිපත්තිය නිසා බෙදුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් ළඟදීම විපක්ෂයට සහය දීමෙන් ඒකාබද්ධ විපක්ෂය පුළුල් වීම යැයි කීය. තෙවැනි විශාලම ජයග්‍රහණය වන්නේ රටේ ප්‍රධාන විපක්ෂය ලෙස පෙනී සිටින දෙමළ ජාතික සන්ධානය සැබෑ විපක්ෂයක් නොව ආණ්ඩුවේ කොන්ත්‍රාත්තු ඉටු කරන්නකු බව හෙළිදරව් වීම යැයි කී රාජපක්ෂ මහතා අවසන් ජයග්‍රහණය ඒකාබද්ධ විපක්ෂය බෙදී සිටින බවට චෝදනා කළ තැනැත්තන්ගේ චෝදනා පුස්සක් බවට පත්වීම යැයි ප්‍රකාශ කළේය.

මේ හේතුවෙන් අගමැතිවරයා මෙය ජයගත් බව පෙනුණත් සැබෑ ජයග්‍රාහකයා ඒකාබද්ධ විපක්ෂය යැයි හෙතෙම අවධාරණය කළේය.